Monday, October 16, 2017

Are you doing it for the kids or for just your selfish need to be free ?

A thread on FB got me to think of something.. It's about my mom. She was 21 when she had me. She was fluent in English and had a really creative mind. She was already doing her own baking in a kerosene oil oven when she got married. And she had already applied for a nursing job. After that my father didn't want her to do a job and because they were having difficulties with money, she was forced to remain home and raise me. To help the money situation she made hoppers and other eats to sell. She says she didn't enjoy that much, but was happy to at least provide something for the family. When we finally settled in one place, with walls made from used rubber wood boards and takaram roof, she began to make cement blocks for our new home. I was 5.
That was the beginning of the story. She kept baking throughout, but after 20 years later, when we opened the shop, that's when I saw the happiness in my moms eyes, that I haven't seen since she and I used to take showers together in the dark, me washing her back and she's covering me head to toe with soap, she was 25 and I was 4, and when I saw her singing off key while making my birthday cake when I turn 5, or when she used to braid her hair in to two long strips and draw with me on cement floor with chalk, my grandmother - her mom- got for me. The times when she was truly happy.

I always wonder how she does this. I get exhausted after 8 or 18 hours, even when we have steady work. It was the boredom that made me apply for a job. But she does this 24 hours- 7 days a week without compliant. After 7 years when she was diagnosed with cancer, I forced her to close the shop at least for a one day each week, so she can get some rest.

I now understand that she's able to do that because she truly love the work she's doing and she is happy and feels independent and important. She's using her talent and you should see how her face lights up from compliments she gets from her customers.

I am 33 now. Thinking back about my moms life, I always feel so guilty to be honest. I was the one who robbed her youth. I was the one who got in the way of her success. I was the reason for her to be forced to remain home. To push her dreams back, maybe never to achieve them. To sacrifice her happiness for my sake.

Some days ago I went to the book sale #BigBadWolf and bought about every book on baking they had.. They all are hard back, beautifully printed books, which were still in their original wrapping. She knew I was going but it was a surprise for her to see all of those books were for her ( They were 15 Kgs in total, believe me I weighted them.. ) But when she opened them I was her eyes gets watery. I didn't know why but I assumed it was because she was happy. But little bit later I realized that she felt sad because, she can't fully understand the English in those books.

As I said in the beginning, she was fluent in English when she got married. Her father worked in Malaysian Embassy and fluent in English. She says he always spoke in English with his kids when he was at home. Sadly he died when she was a very young. She was a book worm just like me. After years of not using it, she can hardly read now.

After that, I began to read every book aloud, ( I only got to 10-12 pages in one book so far, so yuh.. best of luck for me... ) in the small free time we get from work. I read, so she can listen. She can understand and if she doesn't get something, she would ask me. ( I'm not fluent in English too.. Most of the time I had to look up for meanings of those words. )

Most people don't get this. Doing a job doesn't mean it's always have to be just to make money. it's supposed to be something you enjoy doing. Something that make you truly happy. Of course it always doesn't work out the way we wish but, that doesn't mean we must abandon everything we like to do.

It's about ones satisfaction. Of course some women wish to remain home, there's nothing wrong if you do. I'm talking about women who actually like and love to do a job. If you are keeping (or hoping to keep) your wife from working, maybe ask yourself, why do you think you have any right to do so?
Doesn't she deserve any free time from the hassle of kids like you do ? Every morning you get up, and get ready with your wife's help and go to work. You have only one duty maybe, you have things written and listed neatly,if it's a desk job. Then you come home hoping everything is in order, dinner on the table, kids asleep and so you can relax. What about her ?

How many of you men, actually wash your own cloths, at least once a week, if your wife is a housewife ?

How many of you men, who has kids, at least once told your wife to go rest, I'll put the baby to sleep, and kept on your feet rocking your baby all night long, without complain, after first three months?

How many of you men, keep taking turns to feed your kids, keep putting them to bed, take time to read, tell stories to them, after they pass the infant age ?

How many of you men, take your kids to school, attend their parents meetings without whining, if your wife is a housewife ?

Think about it.. Are you doing it for the kids or for just your selfish need to be free ?
Among other things which I don't really like to list off here, like her friends, hobbies, shopping...

Just be honest ..

Don't tell me... I am tired of arguing...

Tuesday, March 14, 2017

බම්බුව...

මගේ මේ මළඉලව්වෙ මටම කමෙන්ට් කරන්න බෑ... බම්බුව....

Tuesday, November 15, 2016

අහෝ බ්ලොග් එක.....

අහෝ මගෙ බ්ලොග් එක...

මොකද බං උඹට උනේ...

අගේට ලියාගෙන ආව ‌නේද...

උඹට කෙල උනේ Facebook එකයි TV Series හින්ද...

කතා දෙකක් නෑ...

රවියා ඉන්ටනෙට් වැඩි කලාම,

ආයිත් බ්ලොග් ලියන්න තමයි පටං ගන්න වෙන්නෙ...

හැබැයි එතකොට උෟටමයි පාඩු...

ෆිල්ම් බාන, ටීවී සීරීස් බාන උන්ගෙන් නේ ලොකුම ලාබෙ එන්නෙ ඉන්ටනෙට් කම්පැණි වලට..

අනේද කියන්නෙ....

සතොස කෑවා වගේ..

මේකත් කාල...

ඊට පස්සෙ ආයිත් හදන්න හදයි...

අන්න එහෙමයි ගොන් රවියගෙ වැඩ...

අපි නොදන්න රවියා....



P/S : මොට්ට ජීවිතේ මේ දවස්වල කම්මැලි උපරිම.... ඒ උනාට තාම මැරිලා නෑ.. හිරුවා තාම පණපිටිං....

Sunday, March 27, 2016

නෙළුම් යායෙන් අංශබාගෙට බෙහෙතක් ලැබුනු වගයි.... බලමු ලෙඩේ හොඳ වෙයිද කියල... හි හි


සම්මාන කතාවක් තියෙනව අහම්බෙන් වගේ දැක්ක නිසා, පස්සෙ ඇවිත් සම්මාන හම්බුවෙන කට්ටියට සුබ පතන්නං කියල පෝස්ට් එකක් දාලා ඊට පස්සෙ බ්ලොගර් පැත්ත පලාතෙ ගියෙ නැති හින්ද අන්තිම මොහොත වෙනකං වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නෑ මං.. පහුගිය කාලෙ බ්ලොග් එකත් ලිව්වෙ අංශබාගෙ හැදිලා වගේනෙ... ඕකට පැහැදිලිවම වගකියන්න ඕනෙ ෆොන් එක... වෙනදට ගෙදර එන්නෙ කම්පියුටරේ ඔන් කරල මොකද වෙලා තියෙන්නෙ කියල විස්තර බලන්න.. දැං ඔක්කොම හදිසි වැඩ ටික ෆොන් එකෙන් බැලෙන නිසා ( දවලට අම්මටත් ඔය බ්ලොග් ටිකෙ පෙන්නන්න පුළුවන් පෝස්ට් ඔක්කොම හබ්ද නඟා කියවීම කරන නිසා ) ගෙදර ආවාම කරන්නෙ කලින් දවසේ ටීවී සීරීස් ටික බාගෙන බලන එක... ඉතිං බ්ලොග් කියවිල්ල අන්තිමටම අඩු වෙලා ගිහින්... 

ඔය අතරේ කවුද කොහොමද මන්ද මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක හොයාගෙන ගෲප් මැසේජ් එකක් දාලා තියෙනව දැක්කෙ දවස් දෙකක් තුනක් තියල... ගිහින් බැලුව මෙන්න මගේ වෙඩිං කතා පෝස්ට් එකත් එතන තියනව... යන්න හෝ නොයන්න තියෙන දවස බැලුවම සොරි ඩොට් කොම් වෙන බව තේරුනා... වීක් එන්ඩ් එක... සෙනසුරාදා... අනිත් අයට නිවාඩු පාඩු දවස් කියන්නෙ කේක් හදන අපිට වැඩ වැඩි දවස්... උත්සව කාල කියන්නෙත් අපිට හොඳටම වැඩ වැඩි කාල.. අවුරුදු, අලුත් අවුරුදු කියන්නෙ පිස්සු හැදෙන කාල... ඒව ඉතිං එහෙම තමයි... ඔය අවුරුද්දට අපි කඩේ වහන දවස අහන අයට එහෙම මම දෙන උත්තරේ තමයි අනේ ඉතිං අපි අවුරුද්දට කඩේ වැහුවොත් අපිට ගෙදරත් ඉන්න හම්බුවෙන්නෙ නෑ කියන එක... 

කොහොමහරි අම්මට පොඩ්ඩක් විස්තරේ කියල යන්න පර්මිෂන් හදා ගත්ත කියමුකො.. ඊළඟට අනිත් එක... 

පෙරුම් පුරලා පෙරුම් පුරල මේ දවස් වල අපේ ගේ හදන්න පටන් අරං තියෙන්නෙ... මේ දවස් වල ඉන්නෙත් කුකුල් කූඩුවක් වගේ ඇනෙක්ස් එකක් රෙන්ට් එකට අරගෙන... මහ ලොකු සල්ලියක් අතේ තියාගෙන කරන වැඩක් නොවෙන හින්ද අපේ මාමණ්ඩියි නැන්දම්මයි පුළුවන් තරං සල්ලි පරිස්සම් කරගෙන (ලෝබ කමට එහෙම නෙවෙයි, අතේ තියෙන සල්ලි ටිකෙන් කාමරෙකුයි, බාත්රුම් එකයි හරි ඉවර කරගන්න හිතාගෙන ) වැඩ කරනව.. ඒ දෙන්න බාස්ලා වැඩ කරන දවස්වල උදේම බත් එකක් ඔතාගෙන, තේ එකක් බෝතලේට දාගෙන ඉඩමට එනව... මට නං පහුගිය මාස දෙකේම ඒ පැත්තට යන්නවත් හම්බුනේ නෑ... 

කොහොමින් කොහොම රට වටේම හොඳ ගඩොල් හොයලා, අන්තිමට අනුරාධපුරෙන් ගඩොල් ගන්න ලෑස්ති කරගෙන... සිකුරාදා 12 විතර වෙනකම් ෆවුන්ඩේෂන් එකට පස් ඇද්දෙ මායි අපෙ මහත්තයයි... මේ දවස් වල දවල්ට වැඩ කරනවට වඩා රෑට වැඩ කරන එක පහසුයි... ( අපිට කරගන්න පුළුවන් පොඩි පොඩි වැඩ අපි හතර දෙනා එකතු වෙලා කරනව සල්ලි ඉතුරු කරගන්න.) සෙනසුරාදා උදේම පස් ලොරි දෙකක් එනව කියල මං 7 වෙනකොට ඉඩමට ගියාට පස් ටික ආවෙ 11ට... වැඩේට යන්න බැරි වෙන පාටයි කියල, මං ගාව ෆොන් නම්බරේකට තියෙන්නෙ අටම්ගෙ නම්බරේ විතරයි නිසා කෝල් කරල කිව්ව මට මොනා හරි තිබ්බොත් ගන්න කියල... ගඩොල් ටික එනකං 12 වෙනකං බලං ඉදල කෝල් කළාම, තාම ලොරිය ආවෙ නෑ කිව්ව... ඒ කියන්නෙ අද ඒ වැඩේ කෙරෙන්නෙ නෑ කියන එක... ඒ පාර අපි දෙන්න ගෙදර ආව... 

හරි... එහෙනං බස් එකේ මං තනියෙන් හරි යනව කියල නාගන්න ලෑස්ති වෙද්දි මෙන්න වතුර මෝටරේ කැඩිලා.... ඒ අස්සෙ ඉවාන් කෝල් කරල කියනව කොහොම හරි එන්නලු... හි හි.... 

ඒකත් එහෙන් මෙහෙන් ෂේප් කරගෙන එන්න පාර අහගන්නකොට නං මට තේරුනා මං බස් එකේ ගියොත් අනිවා අතරමං වෙනව කියල... අනිත් එක මේ ගිනි ගහන අව්වෙ එළියට බහින එක ඔක්කොටම වඩා අමාරුයි... ඒ පාර ඔන්නොහෙ පෙරලුනා යන්නෙ නෑ කියල... ඒ අර මායම් හැට හතරෙන් මං ප්‍රගුණම කරල තියෙන එක.. “ හා හා... ලෑස්ති වෙනව මං ගිහින් දාන්නං ... හැබැයි 5 වෙනකොට එන්න ඕනෙ .. කියල, අනේ ඉතිං කවදත් වගේ අපේ මහත්තය ඔය ගැටේට අහු උනා... හි හි

ඉවාන්ගෙන් පාර අහගෙන ඔන්න ඔහොම මාත් නෙළුම් යායට ආවා... 

අඳුරගන්න පුළුවන් උනේ ඉතිං ෆේස්බුක් එකේ එහෙම දැකල තියෙන කට්ටියව විතරයි... මාතලන්, බස්සියි බස්සයි, අටම්, නුවන්, දිනේෂ් කට්ටිය එළියෙදිම හම්බුනා... 

බොරු කියන්නෙ මොකටද... සම්මාන දෙන ඒව අහගෙන ඉන්නවට වඩා කළේ කට්ටිය එක්ක කියෝ කියෝ හිටපු එක... හි හි... ඒක නිසා අර පළවෙනි ස්ථානෙට දෙන සම්මානෙට කියපු හැදින්වීම කියාගෙන යද්දි මං හිතුවෙම වෙන මොකක් හරි කියල... ගෘහස්ථ කාරණා පළවෙනි ස්ථානෙ කියල මගේ නම කියද්දි මට බකස් ගාල හිනා ගියෙ ඒකනෙ... හි හි... අම්මපා හොඳ වෙලාවට මං අපේ මහත්තයව එක්කං ආවෙ නැත්තෙ... ආවා නං උන්දැ ඔය ඉන්ට්‍රඩක්ෂන් එක ලියපු එකාටම මාව අරං යන්න කියල එවෙලෙම ගෙදර යනව... හි හි.... ( බ්ලොග් එකේ මං එයාව පතුරු ගහනව කියල දන්නව උනාට උන්දැ ඕක කියවන්නෙ නෑ නෙ ඉතිං.. හි හි) 


කොහොම හරි ස්ටේජ් එකට නඟිනකොට මං හිටියෙ හිත ඇතුලෙන් උඩ පැන පැන... කට්ටියට තේරෙන්නත් ඇති ඒක.. හි හි... 

මං කොහොමත් එච්චර තරඟකාරී කෙනෙක් නෙවෙයි... ඒකට හේතුව මගේ තියෙන කම්මැලිකම... ඕනෙම දේකදි පස්සට වෙලා බලං ඉන්න එක සහ, කරන්න කෙනෙක් ඇත්තෙම නැත්තං ඒකට ඉදිරිපත් වෙන එක තමයි මගෙ ගතිය.. අනිත් අයගෙ පෙළඹවීමට පොඩි කාලෙ තරඟ වලට ඉදිරිපත් උනත් ඒවට තැනක් නොලැබුනාම පොඩි උදාසීන කමක් මිසක් වෙන අවුලක් මට ඇති උනේ නෑ.. මම විභාග උනත් ඒ තරං හිතට අරගෙන කරල නැ.. ඉතිං ඇත්තටම මට ස්ටේජ් එකකට නැගල තෑගි ගන්න හම්බුවෙලා තියෙන්නෙ අවස්ථා දෙකකදි විතරයි... එකක් ඉන්ග්‍රින් එකේදි.. අනිත් එක මේ සම්මාන උළෙලෙදි...  ඉතිං ඇත්තටම ඒක ලොකු සතුටක්... 

ඒක නිසා කට්ටියටම බොහොම ස්තූතියි මේ අවස්ථාව ලබා දීම ගැන.... බ්ලොග් එක ලියන්න පටං ගත්තෙ මගේ බෙස්ට් ෆ්‍රෙඩා හින්ද.. ලියපං මචං උඹට පුළුවන් කිව්වෙ ඌ තමයි මුලින්ම... ඒත් අද මේක ලියාගෙන යන්නෙ අපේ මහත්තය හින්ද... වැඩිපුරම වස්තු බීජ සපයන්නෙත් ඉතිං එයානෙ... හි හි... ඒ උනත් ඇත්තටම මගේ මේ විකාර වැඩ වලට හිනාවෙලා ඔන්නොහෙ ඕනෙ එකක් කරගන්න කියල ඩොංගලේ බිලත් ගෙවල දාන එයා වගේ හබියෙක් නොලැබුනා මටත් බ්ලොග් ලියන්න හම්බුවෙන්නෙ නෑ.. හි හි... 

බ්ලොග් එක මට ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් රිලීස් කරගන්න අවස්ථාව දීලා තියෙනව... ප්‍රශ්න ඔලුවෙ තියාගෙන ඉන්නෙ නැතුව ඒවා එළියට දාන්න අවස්ථාව හදල දීලා තියෙනව... මොකද මට යාලුවො ගොඩක් නැති හින්ද... හිටියෙ එකයි දෙන්නයි.. ඒකටත් හේතුව ඉතිං මගේ පිස්සු විකාර කම්මැලිකම තමයි... ඉස්සර යාලුවො එක්ක කියෝ කියෝ හිටපු මම දැං මේ බ්ලොග් එක කියවන ඕගොල්ලො එක්ක කියෝනව... අවුරදු 30 පැනපු ගොඩක් කසාද බැදපු ගෑණුන්ට අහිමි වෙන අවස්ථාවක් තමයි තමන්ගෙ හිතේ තියෙන දේවල් කියාගන්න ක්‍රමයක් නැති වෙන එක.. කියාගන්න කෙනෙක් නැති වෙන එක... ජීවිතේ ඒකාකාරී වෙන එක.. ජීවිතේ එපා වෙන වෙලාවලුත් තියෙනව.. බ්ලොග් එක කියන්නෙ එහෙම අයට එක ක්‍රමයක්.. මොකද මේක ආරෑඪ නාමයකින් උනත් කරගෙන යන්න පුළුවන් නිසා... 

ඒක නිසා කාලෙන් කාලෙට මේක ලිවිල්ල අතෑරැනත්, අංශබාගෙ හැදිල වගේ හරි මේක දිගටම ලියවෙයි.. කාලෙන් කාලෙට මගේ මූඩ් එකත් එක්ක, මගේ ආසාවල් එක්ක මේකත් වෙනස් වෙයි... මට ලියන්න හිතුනොත් මං ලියනව.. නැත්තං අතාරිනව... ගූගල් බ්ලොගර් නොමිලේ දෙනකං මේ ලිවිල්ල කෙරෙයි... කොච්චර එක එක දේවල් ආවාත් මාගල් ලියන්න පුළුවන් මේකෙ හින්ද මේක තමයි මට හරියනම වැඩේ... අනිත් එක මට අතින් ලියන්න ඕනෙ නැති හින්ද... මොකද මගේ අත් අකුරු හකුරු වගේ... හි හි...

මේ පාර නෙළුම් යායෙන් සම්මානය හම්බ උනු අපේ අනිත් සෙට් එකටත් මේ එක්කම මගේ සුබ පැතුමුත් එක්කරනව... කට්ටියටම මට වගේ සන්තෝසෙන් උඩ පනින්න චාන්ස් එකක් හම්බුනානෙ... හැබැයි ඉතිං හවස තේපැන් සංග්‍රහයට කලින් මාරු වෙලා එන්න සිද්ධ වෙච්ච එක ගැන කණගාටුයි... කට්ටියත් එක්ක කතා කරන්න වැඩි වෙලාවක් හම්බුනේ නෑ ඒකෙන්...

ආ... තව චුට්ටෙන් අමතක වෙනව... මං වේලාසනින් පැනල එනකොට වතුර බෝතලයක්වත් දුන්නෙ නෑ කිය කිය දෝස් මුර දීදී හිටපු මාධ්‍ය සෙට් එකටත් තැන්කියු වේවා.... කට්ටිය තේ බීල එහෙම යන්න ඇතිනෙ... ( මම පස්සෙ තමයි දැනගත්තෙ තේ පැන් සංග්‍රහයක් ලෑස්ති කරල තිබ්බ කියල... මං ඉතිං මේ වැ‌ෙඩ් ගැන වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නැති හින්ද ඒ වෙලාවෙ මුකුත් කරන්නවත් කියන්න වත් දෙයක් තිබුනෙ නෑ...) 

Tuesday, March 1, 2016

ඩිප්‍රෙෂන් පෝස්ට්.... ( ඇඩ් නැති, නමුත් කියවීමේදි විශාදය ඇතිවීමට ඉඩ ඇති බවට කාරැණික අවවාදයයි )


ඉතිං... මේ දවස් වල මොනාද කතා කරන්න තියෙන්නෙ.... ඉඳල හිටල ෆේස්බුක් එකේ කරක් ගහද්දි තේරෙන්නෙ නං ක්‍රිකට්, මාර පාලන -යහපාලන කතා, මෛත්‍රී-රනිල්-මහින්ද වාද, මුස්ලිම්-සිංහල වලි... (ඉන්දියන්කාරයන්ට රස්සා දෙන කතාවකුත් දැක්ක )ඕවා තමයි වැඩිපුරම විකිණෙන්නෙ කියල... 

ඒ අස්සට ඒඩ්ස් නමට බයේ ළමයි ඉස්කෝලෙ නොයව ඉන්න ගොන්නු රැලක් ගැනත් කතාවක් යනව... 

තව ඒ මදිවට අවුරුද්ද පටං ගත්ත දවස්වල ඉඳලම දන්න කියන මිනිස්සු අවසන් ගමන් යනව....අබිලිං, එන්සිනා එක්ක අජන්තා රණසිංහ කියන අපි ආදරේ කරපු චරිත කීපයක්ම අපෙන් සමුගත්ත... 

වැලන්ටයින් කතාත් දැක්ක... කොහෙද මන්ද තිබ්බ වැලන්ටයින් එකට ලංකාවෙ කෙල්ලො කොච්චරද ගානකට අඬන්න සිද්ධ වෙනව කියල... කොහෙන්ද දන්නෑ ඔය ගොසිප් සයිට් සංඛ්‍යා ලේඛණ හොයා ගන්නෙ.... ඒ අතරෙ කට්ටිය පරණ පෙම් කතාත් ලියල තිබ්බ දැක්ක.... 

බ්ලොග් වලත් ගොඩක් දේවල් ලියවිලා තියෙනව දැක්ක... සම්මාන උළෙලක් ගැනත් කොහෙදි හරි දැක්ක මතකයි... 

ඒ මදිවට අර සෞඛ්‍ය ඇමතිකම දීල තියෙන හරකට බයිපාස් එකක් කරන්නත් පිටරට යන්න ඕනෙ උනා.. මේ රටේ කී දෙනෙක් මැරෙනවද දන් නෑ දවසකට ඔය මැෂින් හරියට වැඩ කරන්නෙ නැති හින්ද... අපෙ ලොකු මාමට angiogram එක කරන්න තිබ්බෙ පෙබරවාරි 3... ඒත් එදා අනුරාධපුරේ ඉස්පිරිතාලෙ මැෂින් එක කැඩිල කියල වැඩේ කල් ගියා.. අපි බල බල ඉන්නෙ නැතුව ප්‍රයිවට් ඉස්පිරිතාලෙක ටෙස්ට් එක කළාම තත්වෙ හොඳටම බරපතලයි... එදාම ඔපරේෂන් එකට ගත්ත... අපිට හදිස්සියට සල්ලි ටික හොයා ගන්න උගස් තියාගන්න ඉඩං කෑල්ලක් හරි තිබ්බ හින්ද මාම තාම ජීවත් වෙනව... 

කොහොම කොහොම උනත් මේ රටේ වෙන දේවල් ගැන නං ලියන්න තියා හිතන්නවත් හිතෙන්නෙ නැති තරං එපා වෙලා දැං තියෙන්නෙ... ටීවී එක නං දෙයියනේ කියල කැඩිලා ගියා... පත්තර නං ඔය තාත්ත ගන්න ඒව උඩිං පල්ලෙන් බලනව.... එච්චර තමයි.... 

ඕනෙ බම්බුවක් කරගන්න එකයි ඇත්තෙ කියල කට පියා ගෙන ඉන්න එක තමයි මම මේ දවස් වල කරන්නෙ... ඕව හිතල බ්ලොග් ලියන්න ගියාම මගේ ඇගේ ලේ ටික තමයි නාස්ති වෙන්නෙ... 

අනිත් එක මොනව කියල ලියන්නද... 

තවත් ඩිප්‍රෙෂන් වැඩි කරගන්න පිස්සුයැ ... 

මේකෙ ඉන්නෙ හොර දේශපාලුවො මදිවට උන්ව පත් කරගත්ත ගොන් මොට්ට හරක් රැලක් එක්ක, ළමයෙක්ගෙ අධ්‍යාපනේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කොන්ද පණ නැති අධ්‍යාපන නිළධාරීන් එක්ක, අවුරුදු ගානක් තිස්සෙ කරන දැනුවත් කිරීමුත් එක්කම අඩු ගානෙ පොතක් පත්තරයක් කියවන්නවත් දැනුම තියෙන- ඒත් ඒ දැනුමින් සහපහක වැඩක් ගත්තෙ නැති මොට්ට මොංගල් දෙමවුපියො රැලක්... 

( ඔව් ... ඔය ඉස්කොලෙ නැතුව වෙන ඉස්කෝලෙකට දැම්මත්, කොච්චර උගත් උනත් ඒ දෙමවුපියො ටික කරන්නෙ මේ හරක් ටික කරපු දේම තමයි.... )

----------------------------------------------------

එක්ස් ෆයිල්ස් සීසන් 10 එකත් ඉවර උනා... ඒ ගැන පෝස්ට් කෑල්ලක් ලිව්වනෙ ඉතිං... හි හි... 

ඒ උනාට ඒ අස්සෙ අපි ඉස්කෝලෙ යන කාලෙ ගොඩක් කෙල්ලන්ගෙ ක්‍රෂ් එකක් උන ලියනාඩෝ ඩිකැප්‍රියෝට නාමයෝජනා 6කට පස්සෙ ඔස්කාර් සම්මානයක් ලැබිලා.... ඒ දවස්වල මට වෙන ක්‍රෂ් එකක් හිටිය හින්ද ( ඔව් ඔව්... මෝල්ඩර් තමා... දැං නාකි උනාට ඒ කාලෙ හෙන හැන්ඩියා...) ලියෝ ගැන එච්චර ගානක් තිබ්බෙ නෑ... හි හි.... ඒත් පස්සෙ කැච් මී ඉෆ් යූ කැන් බලද්දි මනුස්සයගෙ රඟපෑම් ගැන ආසාවක් ඇති උනා... 

Congratulations to Leo DiCaprio for finally winning an Oscar... 

------------------------------------------------------------

මං මේ ඇත්තටම කියන්නෙ.... 

මා‌ෙවල් යුනිවර්ස් එකට හරි වෙලා ඉන්න එක සැපයි මේ රටේ ඉන්නවට වඩා.... ඒකෙ ඉන්න එවුන් අඩු ගානෙ බිල්ඩිං කුඩු කර කර හරි , ඒලියන්ලා එක්ක ෆයිට් කර කර හරි යුක්තිය සාධාරණේට වැඩ කරනව... දේශපාලුවො හොර වැඩ කළත් සාධාරණේට වැඩ කරන්න සුපර් හීරෝස්ලා ඉන්නව.... 



( මට මේ දවස් වල Loki පිස්සුවක් ගහලා තියෙන්නෙ.. ඒක් හින්ද කොමික් රෙෆරන්ස් එච්චර ගනං ගන්න එපා කියල අවවාදයක් දෙන්න වෙනව.. හි හි) 

Friday, February 26, 2016

හප්පා... මකුළු දැල් ගොඩ....

මකුළු දැල් බඳිනව කියල මෙහෙමත් කරන සිරිතක් තියෙනවද මං අහන්නෙ....

දැං ඉතිං මේක සුද්ධ කරන්නත් මාසයක් විතර යයි වගේ...... 

The X files revival එකත් එක්ක මේ මාසෙ ආයිත් ලියන්න පටං ගන්න හිතං හිටපු බ්‌ලොගේ වැඩේ තව කාලෙකට පස්සට දාන්න උනා.... කොහොමත් මට ඒ කාලෙ ඉඳල තදට තියෙන පිස්සුවක් තමයි X Files...   ඒ කාලෙ රෑ 10.30 - 11.00 වෙනකං පුදුම දුකක් විඳල ඇහැරගෙන ඉන්නව ඕක බලන්න... 

අපෙ මෙලෝ වැඩකට නැති මලයා, ( ආ.. ඌව ගිය මාසෙ බන්දල, ගෙයිනුත් එලෝල දම්ම....දැං යන්තං කනක් ඇහිල ඉන්නව...)  මං රස්සාවට යන කාලෙ පඩියෙන් බාගෙකට වඩා වියදම් කර කර ගොඩ ගහගෙන හිටපු DVD ටික හිතක් පපුවක් නැතුව යාලුවන්ට බෙදල දුන්නට පස්සෙ කාලයක් තිස්සෙ හිත හිත හිටියෙ මේ ටික ආයිත් ඩවුන්ලොඩ් කරන්න ඕනෙ කියල... සීසන් 10 එකත් එක්ක ආයිත් සීඩ්ස් තිබ්බ හින්ද ඉක්මණට බාගත්ත එපිසෝඩ් ටික බලලා ඉවර කරන්න මාසෙකට වඩා යයි වගේ...... ( අනිත් එක ඕක එක පාරක් දෙපාරක් බලන එකක් යැ... කටපාඩං කරනවනෙ... හි හි... )

පෙබරවාරි කියන්නෙ අඩු මාසයක් කියල කියන හින්ද මේ මාසෙ වෙඩිං අඩුයි.. යන්තං දවස් දෙකක් තුනක් නිවාඩු දාගන්න පුළුවන් අපෙ අම්මට කියල.... කොහොමත් පහුගිය මාස දෙකේ ඇති වෙන්න කට්ටක් කෑව... නත්තල්, ජනවාරි එක්කම මලයගෙ වෙඩිමත් සෙට් වෙච්ච හින්ද... කොහොම හරි ඒ ටික ඉවර වෙනකොට අපි දෙතුන් දෙනාගෙම හොඳ පණ හොඳටම ගිහිල්ල.... හි හි...




අපේ මලයගෙ වෙඩිං කේක් එක.... අනිත් අයට කේක් හදනකොට වගේ අන්තිම මොහොත වෙනකං කේක් එක අල්ලගෙන නටන්න බැරි හින්ද රිජි‌ෆොම් ස්ට්‍රක්චර් එකක් හදන්න සිද්ධ උනා.. ඒක ඉතිං පොඩියට හදන්නත් බැරි හින්ද ඔන්නොහෙ උසට උසේ හැදුව... 




හෝම් කමිං එකට හදපු එක... 
හොඳ වෙලාවට අම්මයි මායි කල්පනා කරල මේකට කප් කේක් ස්ට්‍රක්චර් එකකුත් හැදුවෙ... කපල් එක පැය ගානක් පරක්කු වෙලා හෝල් එකට එනකොට මේ ස්ට්‍රක්චර් එකෙන් බාගයක් විතර පොඩි උන් ටික ඉවර කරල තිබුන.... හි හි

Monday, November 23, 2015

ෆේස්බුක් ස්ටේටස් එකක්මි....


මං අයවැය ඇහුවෙ නෑ... ඔය රවිය මට පෙන්නන්න බෑ... ඒක නෙවෙයි මේ...

මේ දවස් ටිකේ පොඩි කේස් එකක් හින්ද අපි දෙන්න වීක් එන්ඩ් එක ගත කරන්නෙ ගෙවල්, ඉඩම් හොයමින්.... සාමාන්‍යයෙන් හෝමගම, ගොඩගම, මීගොඩ, පාදුක්ක පැත්තෙ ඉඩම් පර්චස් එක 125 ත් ලක්ෂ 2ක් අතර වගේ වෙනව... ඒ ඉතිං අපි බලපු හයිලෙවල් පාරට කිට්ටුවම නැති ඉඩං... පාරට කිට්ටුව ඊට වඩා වැඩි ඇති.. කරත්ත පාරවල් වගේ පාරවල් තියෙන තැන් වල තියෙනව පර්චස් එක 95 ඉඳල 65ට වගේ අපි වගේ දුප්පත් එවුන්ට යන්තං ඉඩමක් ගන්න හීනයක් මවාගන්න පුළුවන් ඉඩං කෑලි...

FYI : කොහොම හරි අපි දැනගත්ත විදියට හෝමගම ප්‍රාදේශීය සභාවෙන් පර්චස් 10ට අඩු ඉඩං වල ගෙවල් හදන්න ප්ලෑන් පාස් කරන්නෙ නෑ, පාරෙ වතුර ලයින් එක හෝ ඉඩං විකුණන කට්ටියම වතුර දෙන්න ප්‍රොජෙක්ට් එකක් හදල නැත්තං.... එතකොට මේ විකුණන්න තියෙන ගොඩක් ගෙවල් හදල තියෙන්නෙ අනුමත ප්ලෑනක් නැතුව... බෑන්ක් ලෝන් ගැනිලි නං බොරු... (35000ක් විතර දීල නල ළිඳක් ගහගත්තම වතුර නං අවුලක් නෑ...)

ඒක නෙවෙයි වැඩේ... මේ ගොඩක් ඉඩං තියෙන්නෙ බස් එකක් දවසකට එක වතාවක් විතර එහෙට මෙහෙට යන පාරවල් වලිනුත් කිලෝ මීටර් ගනං ඇතුලට වෙන්න... බයික් එකක්වත් නැති මනුස්සයෙක්ට මේ ගෙවල් වල ඉඳන් වැඩපල කරගන්න වෙන්නෙ, රස්සාවලට යන්න වෙන්නෙ අර සිරිමා නැන්ද සලාක කාඩ් දුන්න කාලෙ කරගත්ත විදියට... එහෙව් රටෙයි මේ යක්කු දුප්පත් මිනිහෙක්ට බයික් එකක්, ත්‍රීවීලර් එකක්වත් ගන්න තිබ්බ හීනෙට කෙලවල තියෙන්නෙ...

ඕයි බූරු රැල... තොපි හිතාගෙන ඉන්නෙ මේ රටේ ඔක්කොම මිනිස්සු තොපි වගේ කුඩුයි, අරක්කුයි විකුණලා කෝටිපතියො වෙච්ච එවුන් කියලද... තොපි හිතාගෙන ඉන්නෙ මේකෙ ඉන්න හැම එකාම තොපි වගේ ගෙවල් දෙක තුනයි, වාහන පෝලිං ගනනුයි තියාගෙන ඉන්න එවුන් කියලද....
දැං අවුරුදු දහයක් පහලොවක් මේ බූරු රැලට තවමත් ජන්දෙ දෙන උන්ට අම්මප මොලයක් ඇත්තෙම නැද්ද... තාම නෑ මුන්ට තේරුනෙ...

( ඔව් ඔව්.. අපෙ තාත්තල වගේ දේශපානේ පොඩ්ඩක් හරි තේරෙන මිනිස්සු තමයි මේ බූරුවන්ට ඡන්දෙ දීලා තියෙන්නෙ.... අපි වගේ මෙලෝ හසරක් නෙතේරෙන හරක් නෙවෙයි.... ඔය පක්ෂ ගත්තොත් මං නං දන්නෙ නෑ ඕවයෙ අල ගිය තැන් මුල ගිය තැන්... අනිත් එක පක්ෂ ඔක්කොම අච්චාරු වෙලා හින්ද ඕවයෙ ඉන්න එවුන් කොල පාටද නිල් පාටද රතු පාටද කියන්නත් මට මෙලෝ හසරක් නෑ... හැබැයි මෙලෝ හසරක් නැති මටත් තේරුනා මේ පාරත් මේ බූරු රැලටම මේ යක්කු ඡන්දෙ දෙනව කියල එදාම... කවද්ද අප්පා මේ බූරු රැල සදහටම ගෙවල්වලට යවල, බූරුවන්ට වැඩිය ටිකක් උඩිං ඉන්න තෝරාගත් හරක් ටිකක් පාර්ලිමේන්තු යවන්නෙ අපේ ජෙනරේෂන් එකේ හරක් පට්ටිය.... ??? )


ප/ලි 

බ්ලොග් එකේ දාන්න තරං දෙයක් මේකෙ නෑ... ඒත් ඉතිං මේ වෙන දේවල් එක්ක මේවා ලියන්න තරං මට දැනුං තේරුං ඇත්තෙත් නෑ.. මොකද මේවා ලිව්වම කට්ටිය එන්නෙ පීඩීඑෆ් කිහිල්ලෙ ගහගෙනනෙ... හි හි... ඒකයි දේශපාලනේ ගැන මෙලෝ හසරක් ලියන්නෙ නැත්තෙ.... 

මේ ලිව්වෙ ගෙවල්, ඉඩං හොයන්න, අර මර අව්වෙ වේලි වේලි, එක පාරටම කඩං වැටෙන වැස්සට තෙමි තෙමි, බයික් එකේ යද්දි ඇත්තටම හිතිච්ච දේවල් ටිකක් විතරයි... 

Tuesday, July 28, 2015

සමාවෙන්න. මම ඔයාගෙ බුද්ධාගමේ නෙවෙයි....


සමාවෙන්න. මම ඔයාගෙ බුද්ධාගමේ නෙවෙයි.... 

මේ ටිකේ ගෙවෙන්නෙ මෙන්න මේ වාක්‍යයක් කියන්න වෙලා තියෙන කාලයක්..... ඇත්තටම කිව්වොත් බුද්ධාගමේ අන්තිම කාලෙ ගැන බුදු හාමුදුරුවොන්ටත් වැරදිලාද කොහෙද කියල හිතෙන කාලයක්... අවුරදු 5000ක්ද කොහෙද පවතිනව කිව්වලුනෙ... අනේ මන්ද... තාම 2500යි... 

කාලයක් තිස්සෙ හිත හිත හිටිය දෙයක් මේක.. අර පන්සල්. මේ ආරාම, සසුන්, මාළිගා, අසපු, උයන්, අරවා මේවා අටෝගෙන ඉන්න, බර්ත්ඩේ හාමුදුරුවොයි, සිල් මෑණියොයි, බුදුහාමුදුරුවො ඉපදුනෙ ලංකාවෙ කියාගෙන ඉන්න හාමුදුරුවොයි, බුදු අම්මේ බුදු තාත්තේ ගගා බෙරිහන් දෙන හාමුදුරුවොයි, සිංහලෙන් ගාථා කියල හාමුදුරු‌වොයි, චණ්ඩි හාමුදුරුවොයි... තව මං දන්නැති කට්ටියත් ඇති.... කොහොම හරි මෙයාලා දැං බුද්දාගමට ලේබල් ගහගෙන.... දැං මේගොල්ලො අදහන්නෙ බුදුහාමුදුරුවන්ගෙ බුද්ධාගම නෙවෙයි... ඔය කිව්ව එක එක හාමුදුරුවන්ගෙ ආගම්...

මං මෙහෙම කියන්නෙ ඊයෙ පෙරේදා දවසක හෙන උගත්ය කියාගත්ත, වයසක මනුස්සයො දෙන්නෙක් මාත් එක්ක කියපු කතාවක් හින්ද.... එක්කෙනෙක් බුදුහාමුදුරුවො ඉපදුනේ ලංකාවෙ කියාගෙන ඉන්න හාමුදුරුවන්ගෙ පොරක්.... අනිත් එක්කෙනා ඔය රත්තනපිටිය පැත්තෙ තියෙන සසුන කියන එකේ එක්කෙනෙක්... මෙයාලා දැං අනිත් පන්සල් වලට යන්නෙ නෑලු.. යන්නෙ අර පන්සල් වලට විතරයි ලු... ( ලු කිව්වට ඉතිං කෙලින්ම මට කිව්ව එයාලා යන්නෙ නෑ කියල...) මං ඇහුවා එතකොට දැං අදහන්නෙ බුදුහාමුදුරුවන්ගෙ බුද්ධාගම නෙවෙයිද කියල... නෑ ඉතිං කොහොමත් බුද්ධාගම තමයිනෙ කියල ලෙස්සලා ගියා.... 

ඔය නාකිත් එක්ක ඕවා කියනවට වඩා හොදයි කට පියාගෙන ඉන්න එක කියල හිතලා මං ඊට පස්සෙ සද්ද නැතුව හිටිය.... 

මෙයාලාගෙ පන්සල් වල එක එක ජාතියෙ චාරිත්‍ර තියෙනව.... මම දෙකකට ගිහින් තියෙනව.. මළමවිකාරයි... එකකට නං එකපාරයි ගි‌යෙ.. අනිත් එකට දෙතුන් පාරක් යන්න සිද්ධ උනා... දැං නං කෙලින්ම කියල තියෙන්නෙ... මට ඔය ගමේ තියෙන පන්සල හොඳටෝම ඇති මලක් පහනක් පූජ කරල එන්න .... මොකද ඒකටත් යන්නෙ අවුරද්දකට එක දවසනෙ... නැතුව ඕව බදාගෙන ඉන්න තරං පිස්සුවක් මට තාම හැදිල නෑ කියල ... 

වැඩේ කියන්නෙ මේවා බදාගෙන ඉන්නෙ හෙන සල්ලිකාර පොරවල් වීම තමයි... ඒ මදිවට ඉගෙනගෙන උපාධිත් අරගත්ත මහා ලොකු උගත් කියන කට්ටිය.... අම්මෝ... කට ඇරියොත් එයාලට වඩා බණ දහම් දන්න මිනිස්සු නෑ.... 

ඒ හෙන සල්ලිකාර පොරවල් වලින් බාගයක් ඕවලට හේත්තු වෙලා ඉන්නෙ උන්ට වාසි ගන්න.... විශේෂයෙන් බිස්නස්කාරයො.. එත‌කොට අනිත් මෝඩයො.... උන්ට වෙලා තියෙන්නෙ අමාරුවෙන් හම්බකරගෙන තියෙන සල්ලි ටිකත් දනට පිනට දීලා උඩ බලාගෙන ඉන්න.. මොකද ඔය පන්සල් බදාගෙන ඉන්න පොරවල් ටික කාලෙකින් ‌මොකක් හරි ප්‍රශ්නයක් හදාගෙන එතනින් අයින් වෙනව.. එතකොට දීපුවත් නෑ.. හොඳ හිතත් නෑ.... 

ගොඩක් අය මේ පන්සල් පස්සෙ යන්නෙ ලොකු කම් පෙන්නන්නත් එක්ක තමයි... ඇහුවාම කියන්නෙ ... අපේ මේ පන්සලටනෙ යන්නෙ .. ගිය මාසේ මෙච්චර විසාල දන්සැලක් දුන්න... අර බිස්නස්කාරය මෙච්චර ගානක් වටින කාරකෙක් අරන් දුන්න... මෙච්චර වටින බිල්ඩිමක් ගහල දුන්න... මෙච්චර පින්කං කළා.... අදත් හවසට පින්කමක් තියෙනව... ඔන්න ඔහොම ලොකුකම් කියෝ කියෝ තවත් මහන්තත්තකම වැඩිකරගන්න එක තමයි.... එළියෙ ඉඳන් බලන මට නං හිතෙන්නෙම මේ මිනිස්සුන්ට පිස්සුද කියල... බැරි වෙලා හරි වචනයක් කිව්වොත්... අපි පවුකාරයො වෙනව.... 

මට නං දැං බුද්ධාගම මතක් වෙනකොටත් තරහයි.... ඉඳල හිටල හරි හොඳක් හිතෙන්නෙ ඔය ෆේස්බුක් එකේ එකෙක් දෙන්නෙක් ක්වෝට්ස් ෂෙයාර් කරනව දැක්කම තමයි.... වැඩේ කියන්නෙ මේ හෙන උගත්, අති පණ්ඩිත, අත්දැකීම් තියෙන නාකි මිනිස්සු ( සම්ප්‍රදායික උපාසකම්මල ගැන නෙවෙයි මං මේ කියන්නෙ...පිරිමි අය ගැන...) මේ විකර වලට සම්බන්ධ වෙන එකනේ.... පිස්සුද මන්ද.... 

ප/ලි : මේ එකතැනකට අහුවෙලා ඉන්නෙ අපෙ ඉංජිනේරුවෙක් වෙන්න තරං උගත්, සල්ලි තියෙන, ඒත් හැමකෙනෙක්ටම රැවටෙන මාම කෙනෙක්... මට උන්දැ ගැන පුදුම තරං දුකයි... ඒත් මේවා කියල තේරුම් කරවන්න පුළුවන් මානසික තත්වෙක එයා නෑ.... බ්‍රේන්වොෂ් කරල තියෙන්නෙ .... අවුරදු ගානක් හම්බුකරපු ටික ඔය කාට හරි පූජකරල දීලා, අන්තිමට සහෝදරයොත් නැති කරගෙන උන්දැටයි දරු‌වො ටිකටයි පාරට බහින්න වෙයිද කියල මට ඇත්තටම දුකයි.... දැනටත් සහෝදරයො ටිකට වැඩිය ලොකු කරගෙන ඉන්න ඔය වගේ කාක්කො කට්ටියක් වට කරගෙන ඉන්නෙ.. එකම හොඳකට තියෙන්නෙ සහෝදරයො ටික මෙයාගෙ මානසික තත්වෙ තේරුම් අරගෙන ඉන්න එක... 

මේ රජගලතැන්නෙදි දැක්ක හාමුදුරුවරු වැඩ වාසය කළ තැනක්...
දැං කාලේ ඒව වගේම තමා... ෆුල් ඒසී... ගිහිල්ලම බලන්න ඕනෙ ඉතිං.. හි හි

Thursday, July 16, 2015

වෙඩිං කතා....


මේ දවස්වල තදබල රයිටර්ස් බ්ලොග් එකක් ඇවිල්ල... රජගල ගියපු කතාවෙ ඉතුරු හරිය දාන්නවත් බ්ලොග් එක පැත්ත පළාතේ එන්න හිතෙන්නෙ නැති තරං....කමෙන්ට් වලට රිප්ලයි කරන්න ඊටත් වඩා කම්මැලියි... කම්පියුටරේම එපා වෙලා ඉන්නෙ ජීවිතේ පළවෙනි වතාවට... කොහොමත් මේ ටිකේ පරණ ටීවී සීරීස් ඩවුන්ලෝඩ් කරන අබිං කෑමක‌ට සෙට් වෙලා හින්ද 10 වෙනිද වෙනකොට බයිට් ටික ඉවරයි.... අන්ලිමිටඩ් කිව්වට ඉතිං මේව ස්ලෝ උනාම ස්ලෝ වෙන්නෙ ආයිත් ඉතිං වැඩක් කරගන්න බැරි වෙන්නමනෙ.... හි හි.. 

කොහොම උතන් ලියන්න දේවල් නැතුව බ්ලොග් අතෑරලා ඉන්නව එහෙම නෙවෙයි... ලියන්න දේවල් තියෙනව.. ඒත් ලියන්න කම්මැලියි.... පහුගිය ටිකේ කඩේටම වෙලා හිටපු හින්ද හැමදාම ඉතිං මොන මොනව හරි විකාරයක් සිද්ද වෙනව.... වැඩියම ඉතිං මේ වෙඩිං කේක් හදන කාලෙනෙ... මගෙ වෙඩිමට මම කාපු කට්ට මට විතරක් අදාල දෙයක් නෙවෙයි කියල හිතෙන්නෙ ඒක හින්ද.... ගොඩක් එවුන්ට කොල්ලෙක්\ කෙල්ලෙක් හොයාගෙන බඳින්න ලෑස්ති වෙනකොට වැඩිහිටියොන්ගෙ අත ගැහිලි හින්ද අන්තිමට වෙඩිම වෙනකොට කසාදෙ එපා වෙලා... 

පහුගිය ටිකේ එහෙම වෙඩිමක් කැන්සල් වෙලා තිබ්බෙ වෙඩිමට කලින් ද‌වසෙ.... අවුරදු 6ක් යාලු වෙලා ඉඳලා, වෙඩිම ගන්න ගිහින් කොල්ලෙගෙ අම්මගෙ තාත්තගෙ ඇඟිලි ගැහීම් හින්ද, කෙල්ලට කසාදෙ එපා වෙලා... එක අතකින් ඒක කොච්චර හොඳද කියල මට නං හිතුනෙ... මොකද දැං බැන්දෙ නැත්තං මිනිස්සුන්ට මූණ දෙන්නෙ කොහොමද කියල අම්මල පොළවෙ පස් කද්දිත්, අම්මල මිනිස්සුන්ට මූණ දුන්නත්, මං එපායෑ ඔය මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ඕනෙ කියල කියන්න තරං හයියක් ඒ කෙල්ලට තිබ්බ හින්ද.... කොල්ලට කතා කරල වෙඩිම කැන්සල් කරල, අපිට කතා කරලා ඇහුවෙ වෙඩිං කේක් එක ඕනෙ නෑ, ඒ වෙනුවට එයාගෙ නංගිට බර්ත්ඩේ කේක් එකක් හදලා දෙන්න පුළුවන්ද කියල... අපි සාමාන්‍යයෙන් එහෙම ඕඩර් කැන්සල් කරන්නෙ නෑ.. අපිට පාඩු නිසා... ඒත් ඕඩර් එක දෙන්න ආපු වෙලාවෙ, අපිටත් තේරුන මේක නං හරි යන මඟුලක් නෙවෙයි කියල... වෙඩිං කේක් එක ගන්න අපි එන්න කියන්නෙ සාමාන්‍යයෙන් මනමාලිට... මනමාලයන්ට ඕව තේරෙන්නෙ නැතිව නෙවෙයි.. ඒ උනාට උන් ඕවයෙ වගකීම් ගන්න බයයි.. හ‌පොයි මං තෝරලා ඕක හරි ගියෙ නැත්තං එහෙම කියල.... හි හි... මෙතන දහ දෙනෙක් විතර ආව ඕඩරේ දෙන්න.. මං හිතුවෙ වෙඩිමට වියදම් කරන්නෙ අම්මල තාත්තල වෙන්න ඇති කියල.... එහෙමත් නැති පාටයි.. අපිටත් ලොකු පාඩුවක් තමයි... ඒත් වෙලා තිබ්බ දේ හැටියට සහ කරලා දෙන්න කියල ඉල්ලපු දේ සාධාරණ හින්ද ඉතිං කොහොම හරි අපි ඒ ඕඩරේ කැන්සල් කරල දුන්න...  

කොහොම හරි දැං ඔය යාලුවෙලා, බඳින්න හිත හිත ඉන්න, මේක කියවන එවුන්ට මට කියන්න තියෙන්නෙ යාලුවෙලා ඉන්න එකාගෙ\ එකීගෙ ගෙදර මිනිස්සු තමන්ට දිරවන්නෙ නැත්තං වහාම එක්කො ඕක නවත්තල දාන්න.. එහෙම නැත්තං කසාදෙ කරගත්ත ගමන් බස් එකකින් පැය බාගෙකට එහා යන්න වෙන තැනක පදිංචි වෙන්න, පුළුවන් නං දෙන්නටම මේ රටෙන්ම යන්න ලෑස්ති කරගන්න කියල.. මොකද අපි කොච්චර හිතුවත් අපි බඳින්නෙ එයාගෙ පවුලෙ අය නෙවෙයිනෙ... මං බඳින කෙනා මට කැමතියිනෙ කියල... ඒක හරියන සිතුවිල්ලක් නෙවෙයි.. අපේ රටේ හැටියට කසාදෙදි අපිට එකෙක්ව නෙවෙයි කසාද බඳින්න තියෙන්නෙ... මුළු පරම්පරාවක්ම.... 

අනිත් එක කොල්ලොත් කල්පනා කරල බලන්න ඕනෙ තමන්ට කොන්දක් තියෙනවද කියල.. තමන්ට අම්මල තාත්තල කියන කියන විදියටම කරන්න වෙනවනං, එහෙම නැත්තං ඊට ඉහලින් යන්න බෑ බෑ වගේ නං,තමන් කසාද බඳින්න සුදුසු තත්වෙක නෑ කියල තේරුම් ගන්න ඕනෙ...  කෙල්ලන්ට නං තේරෙනව කොල්ලන්ට කොන්දක් නැති උනාම... ඒත් ඉතිං ආදරේ නිසා, වෙන කරන්න දෙයක් නැති නිසා ඉවසනව.... 

මේ මං කිව්වෙ අම්මල තාත්තල නොසලකා ඉන්න ඕනෙ, එයාලා කියන දේවල් සතපහකට ගනං ගන්න එපා කියල එහෙම නෙවෙයි... වැරදියට වටහා ගන්න එපා.... තමන්ගෙ ජීවිතේ ගත කරන විදිය තමන්ට තීරණය කරන්න පුළුවන්ද කියල හිතල බලන්න... ඒ ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්න තමන්ට ශක්තිය තියෙනවද කියල හිතල බලන්න.. බැරි නං තවත් කෙනෙක්ව අමාරුවෙ දාන්න එපා... එත‌ෙකාට ඔයාගෙ ජීවිතේ ගැන ඔයා සතුටුත් නෑ.. ඔයා නිසා තවත් කෙනෙක්, දෙතුන් දෙනෙක් දුකට පත්වෙනව.... 

මෙහෙම හිතල අම්මල තාත්තල පැත්තකට දාලා කසාද කරගන්න තීරණය කරනව නං, ඊට කලින් හිතන්න ඕනෙ ඔයාට ඒ ශක්තිය තියෙනවද කියල.. ආර්ථික වශයෙන් සහ මානසික වශයෙන්... මොකද බඳිද්දි සම්බෝලයි බතුයි කාලා හරි ඉමු කිව්වට, පොල් ගෙඩිය බිඳගන්න පිහියක් ඕනෙ.. ගා ගන්න හිරමණේ ඕනෙ... කොටාගන්න වංගෙඩිය ඕනෙ.... බෙදාගෙන කන්න පිඟානක් ඕනෙ... නැත්තං, වෙඩිමෙදි අම්මලගෙන් යැපෙන්න හිතාගෙන ඉන්නවනං ඒකත් ඉතිං ජීවිත කාලෙම ගෙවන්න ණයක් ගත්ත හා සමානයි.... 

මේක කියෝන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං මේ ලියන දේවල් අපේ සමාජෙට ගැලපෙන්නෙ නෑ කියල... ජීවිත කාලෙම අම්මල තාත්තල බලාගෙන ඉන්න එක යුතුකමක් කියල උගන්නන සමාජයක මේක තේරුම් ගන්න අය ගොඩක් අඩුයි.. විශේෂයෙන් අපේ අය වැඩිපුරම අල්ලගන්නෙ වලිගෙ පැත්තෙන් හින්ද.... ඒ උනාට ඉතිං ගොඩක් විවාහ ජීවිත වල මේ ගැටලු ටික තියෙනව.. මේක ගෑනුන්ට ගෑනු එක්ක ඉන්න බෑනේ කියල ස්ටීරියෝටයිප් කරල අතෑරලා දාන්න පුළුවන් සිද්ධියකුත් නෙවෙයි.... මොකද හැම තැනකම ඒකට හේතුවක් තියෙනව... මම දැකල තියෙන ගොඩක් තැන් වලදි නං නැන්දම්ම ලේලි කේස් වලට ප්‍රධාන හේතුව පුතාට හරියට තීරණයක් ගන්න තරං ශක්තියක් නැති වීම තමයි... මුල ඉඳලම කොන්ද කෙලින් තියාගෙන තීරණ අරගෙන, ඒවා ක්‍රියාත්මක කරන්න ශක්තිය නැති කරල දාන එක අපේ මොන්ටිසෝරියෙ ඉඳල කැම්පස් එකට වෙනකං අධ්‍යාපන ක්‍රමයෙන් කරනව... සමාජය ඉතුරු ටික කරල දෙනව... තව ජෙනරේෂන් හතරක් පහක් යනකංවත් මේ තත්වය නැතිවෙයි කියල හිතන්න බෑ... එතකොට ඔන්න කෑගහන්න ගනියි, අවුරදු කොච්චරක්ද බර ගානක් තිබ්බ සංස්කෘතිය ඉවරයි කියල... 

සිම්පල් වෙඩිං කේක්... 

ප/ලි : ඉක්මණට කොටා ගෙන ගිය හින්ද සමහර තැන් හරියටම ලියවිලා නෑ වගේ පේනව.. ඒත් මට මේක හදන්න බෑ.. මේ ලියපු ටෝන් එක තමයි මට හිතෙන විදියට මේක ලියන්න පුළුවන් එකම ටෝන් එක... ඒක හින්ද කියවන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක වැල්වටාරමක් විතරයි කියල... එහෙම හිතුනොත් ඔන්නොහෙ අතෑරලා දාන්න... හි හි

ප/ප/ලි : රජගල කතාවෙ ඉතුරු ටික ගෙදර ගිහින් ෆොටෝ ටික හදා ගත්ත ගමන් දාන බවට පොරොන්දු වෙමි... හි හි

Friday, March 13, 2015

රජගලතැන්න Rajagalathenna - ආරාම සංකීර්ණය, බුදු පිළිමය සහ ගල් පාත්‍රය

දැනට මතක ගබඩාවට දාගෙන ඉන්න කතන්දර ගොඩේ වැදගත්මය කියල හිතෙන කන්දර දෙකක් තියෙනව.. එයින් එකක් අද කොහොම හරි ලියලා දානව කියල හිතාගත්තා... 

අපේ කට්ටිය.. ඒ කිව්වෙ අපේ අම්මගෙ අයියල මල්ලිලා නංගිල ටික එක්ක ට්‍රිප් එකක් යන්න අවුරදු දෙකක් තුනක් විතර ලෑස්ති උනාට ඒක කෙරෙන්නෙ නැති වෙලා කිබ්බ හින්ද.. මෙදා පාර නං කොහොම හරි යනව කියල ලෑස්ති වෙලා බස් එකක් එහෙම ලෑස්ති කරගෙන ගමන ගියෙ ජනවාරි 31.... පළවෙනි දවසෙ පාසිකුඩා ගිහින් මුහුදෙ නාලා, දෙවනි දවසේ රජගල නැගලා, තුන්වෙනි දවසේ දීඝවාපී, මුහුදු මහා විහාරයෙ ගිහින්, රසම රස කට්ටකුත් පැය දෙකතුනක් කාලා, ආරුගම්‌ෙබ් ගිහින් මුහුද බලල ගෙදර ආපි... හි හි... මොකද එදා මුහුද සැරයි.. සර්ෆර්ස්ලට ඇරෙන්න සාමාන්‍ය අයට මුහුදට බහින්න දෙන්නෙ නෑ... 

මං මේ ලියන්න ගත්තෙ ඕකෙන් රජගල ගමන ගැන.. 

ඇත්තටම රජගලතැන්න කියන තැන ගැන මම නං මේ ලෝකෙ දෙයක් දැනගෙන හිටියෙ නෑ... අපේ මාමා තමයි මේ ගමනට මේ තැනත් එකතු කරගෙන තිබ්බෙ... ( කොහොමත් මම නං ඉතිං ඔය යන්නං වාලෙ ගියා මිසක් යන තැන් ගැන එච්චර හොයන්න ගියෙ නෑ... අපි ඉතිං තාම පොඩි උන්නෙ... හි හි) 

ගිහින් ආවට පස්සෙ පොඩිඩක් සර්ච් කරල බැලුවම මේ ගැන ලියවිච්ච තැන් කීපයක් තියෙනව දැක්ක.. ඒක නිසා වැඩි විස්තර නැතුව මගෙ අත්දැකීම විතරක් ලියනව කියල හිතාගත්ත...

ඔන්න යන පාර... 
අපි කට්ටිය ටිකක් දවල් වෙලා, ඒ කිව්වෙ 9ට විතර තමයි රජගලට ආවෙ.. අම්පාර ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 12ක් විතර තියෙනව...  අපි නවාතැන් ගත්තෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ වැඩකරන, අපිට මාර්ගෝපදේශක උන උපුල් විසින්ම ඉදිකරල තිබුන නවාතැනේ... ලයිට්, වතුර තියෙන හෝටල් මට්ටමට නැති උනත් ආරක්ෂිතව දවසක් දෙකක් ඉන්න පුළුවන් තැනක්...

අම්පාර ටවුන් එකේ රෙස්ට්හවුස් සහ හෝටල් ගැන තියෙන්නෙ ටිකක් අපකීර්තිමත් ප්‍රසිද්ධියක්... ටෙලිකොම් එකේ වැඩකරන අපේ එක මාම කෙනෙක්, යුද්ධෙන් පස්සෙ ඔය පැත්තෙ සංවර්ධන කටයුතු එක්ක වැඩිපුර හිටිය නිසා පැහැදිලිවම කිව්ව දෙයක් තමයි, අම්පාර ටවුන් එකේ ගණිකා වෘත්තිය ඉතාම සරුවට කෙරෙනව කියන එක... හෝටල් කාමරයක් අරගෙන අපේ බඩු ඒකෙ තියලා යන එක එච්චර සුභදායක නැති බව එයා පැහැදිලිවම කිව්ව.. එයා කිව්ව තවත් දෙයක් තමයි මේ ගණිකා වෙළදාමෙ 100% ක්ම වගේ යෙදෙන්නෙ සිංහල මිනිස්සු බව... අනිත් එක දුර ටිකක් වැඩියි.. අපි හිටියෙ හරියටම රජගල පාමුල... 

කොහොම උනත් අපි නතර උනේ නං ජීවිතේටම හම්බුවුන හොඳම හොඳ මිනිස්සු කීපදෙනෙක් එක්ක....
( ඒ කට්ටිය හදලා දුන්න රසම රස ආහාර වේල් කීපය ගැනත් ඉස්සරහට ලියන්නං.. ෆොටෝ නං නැතුව.. කෑම දැක්කම ෆොටෝ අමතක වෙන කට්ටියක් තමයි ට්‍රිප් එක ගියෙ.. හි හි) 

මං නිකම්ම පින්තූර කතාවක් වගේ මේක දාලා දානව... අතරින් පතර එකතු කරන්න දෙයක් තිබ්බොත් ඒ හරියෙම ලියන්නං.. කො‌හොමත් පෝස්ට් දෙකකට වත් දාන්න වෙයි මේක...

රජගල ඉතිහාසය ගැන පුරාවිද්‍යාවෙන් දාලා තියෙන බෝඩ් එක.... 

මේ විදියට තාම සම්පූර්ණයෙන් ගවේෂණය කරලා නැති, කැලේ තැන් තැන් වල තිබිලා හම්බුවුනු මුරගල්, සදකඩපහන් සහ සිරිපතුල් ගල් වගේ දේවල් කන්ද නගින්න පටන් ගන්න තැනම ගෙනල්ලා තියලා තියෙන්නෙ... 

අපේ මාර්ගෝපදේශක උපුල්...

ඉන්න තැනේ ඉඳලා, කන්න බොන්න හදලා දීලා මේ අත්දැකීම සම්පූර්ණ කරගන්න
අපිට කරපු උදවු ගැන ස්තූති කරන්න වචන නෑ ඉතිං...

මෙතන ඉඳන් මේ බිමේ ඉතිහාසය ගැන අපිට හොඳ විස්තරයක් කළා... මේ පුරාවිද්‍යා සංරක්ෂණ වැඩ ගැන සහ මේ බිමේ ඉතිහාසය ගැන වැඩ්දුර විස්තර අහගන්න ඕනෙකම තිබ්බෙ, ඒවත් එක්කම මේ පෝස්ට් එක දාන්න හිතාගෙන...  ඒත් අපිට වෙලාව මදි උන හින්ද  ඔයාලට ‌ගිහිල්ලම තමයි ඒ විස්තර දැනගන්න වෙන්නෙ... 

ගල් වල කපල තියෙන පඩි පෙලවල්... මේවයෙ සමහර ඒවට අත්වැටවලුත් තිබිලා තියෙනව...


මේ ගල් වලින් වැඩි හරියක් නිදන් හොරු විනාස කරල... උපුල් කියන විදියට ඔය ගල් වල තැන් තැන් වල එක එක සලකුණු කරලා තියෙන්නෙ ඒ කාලෙ පලාත්, වසම් එහෙම හඳුනගන්න.. එහෙම නැතුව එතන නිධානයක් තියෙනව කියල නෙවෙයි... අපේ පුරාණ කොඩි එහෙම දැකලා තියෙන කෙනෙක්ට මේකෙ ඇත්ත නැත්ත තේරෙයි...

අපේ පැරණි මිනිස්සුන්ගෙ දක්ෂකම් වලට ඕනෙතරං උදාහරණ තියෙනව වගේම, නිදන් හොයන්න ගිහින්, පුපුරවල විනාස කරපු පැරණි වැසිකිලි පද්ධතියක් එහෙම තියෙනව අපේ මිනිස්සුන්ගෙ මෝඩකම් වලටත්  නිදර්ශන විදියට...

( ඒ වෙලාවෙ මට හිතුනෙ අනේ අපේ ඉතිහාසෙ උගන්නපු උන්නාන්සෙලා ඒ විදියටම මුල ඉඳලම ඉගැන්නුවනං ඔය නිදන් වදුල් කතා එහෙම්මම අහෝසි වෙලා මේ පැරණි ස්ථාන ටික ආරක්ෂා වෙනව නේද කියල... )  

යම්තම් මතු කරගෙන, ඒත් තාම සංරක්ෂණ කටයුතු පටන් අරන් නැති කොටසක්... මේ මුලම හරියෙ හම්බුවෙන නටඹුන්... 

මේ හරිය ආරාම සංකීර්ණයක් වගේ තියෙන්නෙ... අනුරාධපුරේ වගේ...  ක්‍රි.පූ. 1-2 සියවස් වලට අයිතියි කියල සැලකෙනවලු.... 

මේ කොරවක්ගලේ කැටයම් තාමත් හොඳට පේන්න තියෙනව... 

පඩියක කොටල තියෙන කැටයම්... 
උපුල් කියන හැටියට මේවා මුලම කාලේ ගල් කණු... දාර එච්චරම ෂාප් නෑ.. හැඩය පවා ඒ තරං හොඳට අරගෙන නෑ.. 


මේ ටිකක් පහුවෙලා කරපු නිර්මාණ.... මේ ගල් කණුවල දාර හරිම තියුණුයි... 

මේ වැඩ වලට ගල් සපයා ගෙන තියෙන්නෙත් මේ හරියෙන්මයි කියල හිතෙන සාධක තමයි මේවා...
මේ ගල් කොටස් වලට වෙන් කරගන්න යොදා ගෙන තියෙන තාක්ෂණය ගැන සාධකත් තියෙනව... 

ඔය පේනවා නේ කට්ට කැපුවා වගේ ගලක්... අන්න ඒක තමයි ඔය ගල් කණු වලට, ලොකු ගල් කොටස් කරගත්ත තාක්ෂණය හොඳටම පේන තැන... අපිට තේරෙන්නෙ නෑ හලෝ.. ලොක්කන්ට තේරෙනව ඇති.. හි හි.... 

මේ පඩිපෙලට අත්වැටකුත් තිබිලා තියනව... අම්මෝ.. මේක නං හරි කෙලින් තියෙන්නෙ... අපේ කස්ටිය මේක බැස්සෙ බඩගාගෙන... හි හි... 
බුදු පිළිමෙ යට කොටස... සිවුරේ රැලිත් යන්තම් මතු කරලා තියෙනව.... 
මේ තියෙන්නෙ මේ කොටසෙන් හොයාගෙන තියෙන වැදගත්ම දෙයක්... වැඩ අවසන් නොකළ හිටි බුදු පිලිමය... 


මේ බුදු පිළිමෙ වැඩ අවසන් නොකරපු එකක්... හිටි පිළිමයක් විදියට නිර්මණය කරලා තිබුනත් පිහිටි ගලෙන් වෙන් කරගෙන නෑ.. සමහර කොටස් වල කැටයම සලකුණු කරලා විතරයි... තවම සංරක්ෂණ කටයුතු පටං අරං නැති හින්ද මම මේකෙ වැඩිය ෆොටෝ දාන්නෙ නෑ... මේ නිර්මාණ වලට යොදා ගත්ත තාක්ෂණය ගැනත් හොඳ සාධක මෙතන තියෙනව...

(උපුල් කියන හැටියට මේ බිමේ සංරක්ෂණ වැඩ වලට ඇමරිකන් ප්‍රොජෙක්ට් එකකින් උදවු කරන්න ඉල්ලලා තිබුනත් දැනට ඒකට අවසර දීලා නෑ.. එක පැත්තකින් මේ තාක්ෂණයටත් කොතල හිඹුටු වලට වෙච්ච වැඩේ වෙයිද කියන ප්‍රශ්නෙ බොහෝ දුරට බලපාලා තියෙනව... අනිත් පැත්තෙන් අපේ අය මේ වෙනකොට කරලා තියෙන දේවල් දැක්කම නං ඇමරිකාවටම දීලා දාන එකත් හොඳයි කියල හිතෙනව... නූගත් මිනිස්සුන්ගෙ නිදන් හෑරිලි එක්කම, උගත් මිනිස්සුන්ගෙ පණ්ඩිත වැඩ හින්ද විනාස වෙච්ච තැනුත් හරි හරියට තියෙනව..) 


ගල් පාත්‍රය..

මෙන්න මේක නං විශ්වකර්ම වැඩක්... මේ ගල් පාත්‍රය ඇතුලට ලේසියෙන් තුන් දෙනෙක්ට විතර බහින්න පුළුවන්... මේ වගේ ගල් පාත්‍ර කීපයක් තියෙනව.. සමහර ඒවා ගොඩක් කැඩිලා... මේවා තිබිලා තියෙන්නෙ ගල් කණු හතරක් උඩ... මේවා හදලා තියෙන්නෙ උඩ තියෙන දිය පීල්ලෙන් එන වතුර එකතු කරගන්න පුළුවන් වෙන විදියට.. පීල්ලෙ විස්තරේ දාන්න‌ වෙන්නෙ ඊළඟ පෝස්ට් එකට තමයි... 


මේ තියෙන්නෙ දැනට සංරක්ෂණය කරගෙන යන කොටස්.... 

මේ දැනට හම්බවෙලා තියෙන උළු කැට එකතු කරලා තියෙන තැනක්... 

මේ පෝස්ට් එකට ඇති වගේ පින්තූර.. නේ.... මටත් හති... හි හි... පෝස්ට් එක ලියන්න හිටියෙ මීට කලින්..  ඒත් වෙලාවක් නැති උනා... අනිත් එක අපේ ගමනේ දෙවනි දවස වෙලා තියෙද්දි, අපි දෙන්නටම කැමරා චාජර් අරං යන්න මතක නැති වෙලා තියෙද්දි, ඒ මදිවට අපේ කැමරාවෙ එච්චර ලොකු මෙමරියක් නැති හින්ද ෆොටෝ ගාන ලිමිට් කරන්න උනා.. මං බැලුවෙ අපේ අනිත් උන්ගෙ ෆොටෝ ටිකත් එකතු කරගන්න.. ඒ වැඩේ කෙරෙන පාටක් නෑ... මං ඔන්නොහෙ අපේ කැමරාවෙ තිබ්බ ෆොටෝ ටිකෙන් පෝස්ට් එක දානව...

ඔයාලත් ට්‍රිප් එකක් යනව නං මේ පැත්තෙ, අනිවාර්යයෙන්ම රජගල යන්න... දැනට ලොකු සංචාරකයො ප්‍රමාණයක් එන්නෙ නැති නිසා ප්ලාස්ටික් ප්‍රශ්නෙ එච්චරම තදට නෑ.. ඒ උනාට අනේ ඕගොල්ලො ගිහිල්ල විනාස කරල එන්න එපා හොදේ..

බෙබේලා යනව නං කන්දට බොන්න උස්සං යන්න ලෑස්ති වෙන්න එපා.. නවාතැනේදි ඒ හරිය කරගන්න... මෙතනට තමන්ගෙ ගමේ පන්සලට, නැත්තං පල්ලියට, එහෙමත් නැත්තං තමන් ගරු කරන වෙනයම් සිද්ධස්ථානයකට දෙන ගෞරවයම දෙන්න උත්සාහ කරන්න...


තව දෙයක්... මේ ගල් දිගේ බඩගාන්න ස්පෝට්ස් ෂූස්, ඩෙක් ෂූස් අරවා මේවා ඕනෙ නෑ... 
ඒව ඇත්තටම ලෙස්සන ගතිය වැඩියි... ... අනිත් එක මේකෙ කූඩැල්ලොත් නෑ.. 
ඒක නිසා මට නං තේරුනේ මේ මං දාං ගිය රබර් සෙරප්පු දෙක හොඳටම ඇති කියල... 

ඉතුරු කොටස දාන්නං ඈ.. වෙලාවක් හම්බුනාම....